Spread the love

ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි රමේෂ් හෙවත් නික්ලාපිල්ලෛ ඇන්තනි එමිල් ලක්ෂ්මි කාන්තන් සහ තවත් අයෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඔහුට එරෙහිව අන්තර්ජාතික පොලිසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කරනු ලැබ තිබිණි.

මුරුගෙසු ශ්‍රී සන්මුගරාජා එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අනෙක් පුද්ගලයා වේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

ඊට අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.