ඉපලෝගම පොලිස් වසමේ මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනය අසලදී අද (24) අලුයම 5.20 ට පමණ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් වන අලියකුගේ ගැටීමෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී ඇත.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ කැකිරාව සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයකි.
බීජ පර්යේෂණ ආයතනය පරිශ්‍රයේ රැඳීසිටි වනඅලියකු එහි වැට කඩාගෙන නැවත වනයට යෑම සඳහා මාර්ගයට පැමිණ තිබූ අතර එම අවස්ථාවේදී මෙම බස් රථය ගැටී තිබේ.
එම අනතුරෙන් බස් රථයේ රියදුරා, කොන්දොස්තර සහ මගීන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇත.
අනතුරට පත් බස් රථයේ “එන්න ගුවනේ අත්දැකීම් පොළවේ විඳ ගන්න” යනුවෙන් වැකියක් ද ලියා තිබේ.