Spread the love

නුදුරේදීම ජනාධිපතිවරණය පැවත්වෙනු ඇති බවට බොහෝ දෙනා සිතා සිටියද සියල්ලට පෙර මහමැතිවරණය පැවැත්වෙනු ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දීර්ඝ කාලීන හිතවතෙකු ලෙස ඔහුගේ තීරණ පිළිබඳ තමන්ටද යම් අවබෝධයක් ඇතැයි සඳහන් කරන කිරිඇල්ල මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමට ජනධිපතිවරයා කටයුතු කරනු ඇති බව තමන් විශ්වාස කරන බවය.