Spread the love

නිමල් රාජපක්ෂ-

ලංකාවේ මත්පැන් කර්මාන්තය අතීත කාලයේ පටන් දේශීයයව පැවැති කර්මාන්තයක් . විදේශීයව පැවැති කර්මාන්තයක් එදා විදේශීය ජාතිකයන්ගේ යටත් විජිත පාලකයෝ ලංකාව පුරා බදු එකතු කිරීමේ ක්‍රමවේදයක් ඇතිකලා. ඒ අනුව මහජනතාවගේ බදු එකතු කිීරීම සදහා රේන්ද ක්‍රමයක් හදුන්වාදි ඒතුළින් නියෝජිතයෙක් සෑම ගමකටම පත්කලා .ඹහු හැදින්වුයේ රේන්දරාළ නමින් බව වයඹ සහකාර සුරාබදු කොමසාරිස් කපිල විජේසිංහ මහතා පවසයි.

තව දුරටත් අදහස් දැක්වු කපිල විජෙසිංහ මහතා , මුහුදුබඩ ප්‍රදේශයේ ජනතාව මත්පැන් ජාවාරමට යොමු වීමත් සමගින් මේ රේන්ද රාළ ක්‍රමය මුහුදුබඩ ප්‍රදේශයේ පැතීරි තිබුණා.පාලකයෝ මේ රේන්ද ක්‍රමයතුළ ජනතාව මත්පැන් පරිභෝජනයට යොමුවන බව පෙනී ගියා.ඒ තුළින් කිසියම් ආදායමක් උපයාගෙන මෙය පාලනය කිරීම සුදුසු බව විදේශිකයන්ට වැටහුනා.
එහි ප්‍රථිපලයක් ලෙස රේන්දරාළ ගෙන් බදු අයකිරීමේ ක්‍රමයක් සකස් කළා. රේන්දරාළ ගෙන් බදු අයකිරිමේ ක්‍රමය තුළින් මහජනතාව පාලනය කිරීමත් රජයට ආදායමක් ‍උපයා ගැනීමත් සිදු කළා. මේ ආදායම යම් ක්‍රමයකට නිත්‍යාකුල භාවයට පත්කරලා රජයේ සංඛ්‍යාලේකන වලට‌ ඇතුළත් කරලා ආදායම් උපයා ගැනීමේ අදහසක් 1910 දි ඇතිවු බවද පැවසුවේය.

එවකට රටතුළ මත්ද්‍රව්‍ය වලට ඇතිවී තිබෙන විරෝධය සලකා බලා එය පාලනය කිරීමට සදහා 1912 දි සුරාබදු ආඥාපනත ස්ථාපිත කරලා සුරාබදු දෙපාර්තුමේන්තුව ආරම්භ කලා.මේ වනවිට අවුරුදු 110 ක් වු සුරාබදු දෙපාර්ම්තුමේන්තුව මේ රටට විශාලබදු ආදායමක් ලබාදීමට සමත් වුණා.

වීඩියෝව නරඹන්න subsceibe කරන්න

සුරාබදු දෙපාර්තුමේන්තුවේ අරුථ පෙන්වා දී තිබෙන්නේ ”පොල්ගහයට කොටියා ”ලෙසයි. පොල්ගහයට නිදාගෙන සිටින කොටියකුගේ පින්තුරයක්. පොල්ගහ කප්රුකක් ලෙස හදුනවනවා. මන්ද පොල් ගහේ මුලේ සිට අගිස්ස දක්වා සෑම කොටසක් ම අපතේ නොයවා භාවිතයට ගත හැකියි. එය සංඛේතවත් කිරිම සදහා අන්ත දුගි පුද්ගලයාගේ සිටි ධනවත් පුද්ගලයා දක්වාම අයකර බදු මුදල තමයි මෙහි සංඛේතවත් වන්නේ . රටක වැඩදායි ලෙස යොදවන්න නම් බදු මුදල ආරක්ෂා කරගතයුතුයි.

එය ආරක්ෂා කර ගැනිමට ශක්තිත් භාවයට හොද දැක්මක් ඇති ,දුර දක්නා පෙනුමක් ඇති , ජව සම්පන්න කෙනෙක් අවශ්‍යයි. ඒ සදහායි කොටියා යොදවලා තිබෙන්නේ .මේ බදු මුදල් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයට සුරාබදු දෙපාර්තුමේන්තුව සංඛේවත් කරන්නේ පොල්ගහයට කොටියා ලෙස යයිද කපිල විජේසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.