Spread the love



රටේ උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් අද(12) දිනයේ පස්වරු 2.00 ට ඇදිරිනීතිය ක්‍රියාත්මක වීම හේතුවනේ හා ප්‍රවාහන අපහසුතා ඇතිවිය හැකි බැවින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව එක්දින සේවාව ක්‍රියාත්මක නොකරන බව එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.


අද (12) දිනයේ එක්දින සේවාව සදහා වෙලාවක් වෙන්කර ගත් ඉල්ලුම් කරුවන් සදහා රජයේ වැඩ කරන වෙනත් ඕනෑම දිනයක එක්දින සේවාව වෙත පැමිණිය හැකි බවද කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.