Spread the love

ඌරු මස් අනුභවයෙන් නිපා වෛරසය මෙරට තුළ බෝවීමේ අවදානමක් නැති බව පශු සම්පත් විශේෂඥයෝ අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අද (ඔක්. 6) කෘෂිකර්ම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පශු සම්පත් අංශයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ, එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් නොමැති බවත් එම නිසා ඌරු මස් පරිභෝජනයට බිය විය යුතු නැති බවත් ය.

මෙම රෝගය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොතිබීමත්, සෞඛ්‍ය අංශ රෝග ලක්ෂණ ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීමත් නිසා මෙම වෛරසය ලංකාවට ඇතුළුවීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව පශු සම්පත් අංශයේ නිලධාරීන් වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

නිපා වෛරසය යනු සතුන්ගේ මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයකි. මෙම වෛරසය ආසාදිත ඌරන් ආනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන්, ඔවුන්ගේ පටක,ශරීර තරල සහ මළමුත්‍රා මගින් මිනිසුන්ට බෝ වීමට හැකියාව ඇත.