ජාඇල, උස්වැටකෙයියාව මුහුදු වෙරළේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙනඇත.්
ඒ අනුව අත්අඩංගුවට ගත් අය අතර එක් කාන්තාවක් ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු සහ වෙඩි තැබීමේ ස්ථානයට ඔහු ත්‍රිරෝද රථයකින් රැගෙන ආ පුද්ගලයා පොළොන්නරුව ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ..
වෙඩි සලකුණු සහිත මළ සිරුරක් උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ තිබී පසුගිය සිකුරාදා සොයා ගැණුනු අතර, එලෙස ඝාතනය කර තිබුණේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තැනැත්තෙක් බවයි සඳහන් වෙන්නේ.