2016 සිට උසස් පෙළ සමත් සිසුන් වෙත රජය විසින් රුපියල් ලක්ෂ 8 දක්වා පොළී රහිත ණයක් ලබා දුන් බවත් මේ ණය උපයෝගී කර ගෙන උසස් අධ්‍යාපන ආයතන 6ක් තුළ පාඨමාලා 26ක් හදාරා ඇති බවත් එය මෙරට උසස් අධ්‍යාපන හදාරණ සිසුන්ට විශාල ශක්තියක් වූ බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
එහෙත් 2017 වර්ෂයේ එවක රජයේ අයවැය යෝජනා අංක 117 තුළ මෙය ක්‍රියාත්මක වුවත් 2021, 2022 වසරේ 7 වැනි කණ්ඩායමේ ණය ලබා දෙන ගැසට් පත්‍රය මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
උගත් බුද්ධිමත් පරපුරක් බිහි කරමින් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩ ගැනීම වෙනුවෙන් ආරම්භ කළ මෙම වැඩසටහන ඉදිරියට කර ගෙන යන ලෙසත් මෙතෙක් ප්‍රකාශයට පත් නොවූ එකී 7 වැනි කණ්ඩායමේ ගැසට්ටුව කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.