Spread the love

මෙවර උසස් පෙළ විභාගය පෙ​ර සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා විභාග​ය පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගත් අවස්ථාවේදී එක් පෙත්මක් නිෂ්ප්‍රභවී ඇති අතර අනෙක් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබෙනවා.