Spread the love

දිගින් දිගටම ප්‍රමාද වෙමින් ඇති උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත‍්‍ර ඇගයීමට වෛද්‍යවරුන්ට හැකියාව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සඳහන් කරයි.

රජය ඉල්ලීමක් කළහොත් ඒ සඳහා කටයුතු කිරීමට හැකි බව සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

වර්ජනයේ නිරත වන සියලුම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රැකියාවලින් ඉවත් කළ යුතු බවත් ඒ ඒ වෙනුවට එම සුදුසුකම් ඇති වෙනත් අය බඳවා ගැනීමට රජයට හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

විශ්ව විද්‍යාල ආචාරයවරුන් යනු ආණ්ඩු පෙරලීමට කොන්ත‍්‍රාත් ගන්නා කණ්ඩායමක් මිස රට ගැන කිසිම හැගීමක් ඇති පිරිසක් නොවන බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.