Spread the love

“රැකියාව අයිතියක්” යන තේමාව යටතේ සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් රැකියා විරහිත උපාධිධාරීන් බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට අද දහවල් මෙම විරෝධතාවයේ නිරත උපාධාධාරීන්ගේ විරෝධතාවයට පොලීසිය අද (18) ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඔවුන් පෙන්වා දුන්නේ උපාධිධාරීන් 40,000ක් පමණ මෙරට රැකියා නොමැතිව සිටින බවය. 

කෙසේවෙතත්, විරෝධතාකරුවන් විසිර නොයෑම නිසා පොලීසිය ජල හා  කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි. 

මාර්ගයේ ධාවනය කළ මෝටර් රථවලට හා භාණ්ඩ හා ලිපිද්‍රව්‍ය ප්‍රවාහන සේවා සපයන යතුරුපැදිවලට පවා එහිදී ජල ප්‍රහාර එල්ල විය.