Spread the love

නිමල් රාජපක්ෂ-

උප්පැන්න සහතිකය නොමැති කමින් ජාතික හැදුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටි වයස අවුරුදු 40 ඉක්මවුවන් සදහාවු මාර්තු 31 දක්වා ලබාදී තිබු කාලය මේ මස 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රී මහතා ප වසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට තවදුරටත් ජාතික හැදුනුම්පත ලබා ගැනීමට නොහැකිවු අය ඉල්ලුම් කර තිබුණ හොත් අදාල තොරතුරු පිළිබද සොයා බලා ඉදිරියේදී කාලය දිර්ඝ කිරීමට පියවර ගන්නා බව ද ප්‍රදීප් සපුතත්ත්‍රී මහතා වැඩි දුරටත් පැවසුවේය.
බොහෝ දෙනෙකු උප්පැන්න සහතිකය නොමැති කමින් ජාතික හැදුනුම්පත ලබා ගැනීමට නොහැකිය දුක් වින්දහ. උප්පැන්න සහතිකය නොමැති කමින් ජාතික හැදුනුම් පත ලබා ගැනීමට නොහැකිය බොහෝදෙනකු දැඩි අපහසුතාවයන්ට පත්වී සිටියහ. ඒ ගැනම සැලකිල්ලට ගෙන මෙසේ කාලය දීර්ඝ කල බවද ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා වැඩි දුරටත් පැවසුවේය.