Spread the love

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 පෙබරවාරි මාසය සඳහා 5.9% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ජනවාරි මාසය සඳහා 6.4% ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජනවාරි මාසයේ දී එය වාර්තා වුයේ 3.3 % ක් ලෙසයි.

එමෙන්ම, 2024 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 7.0% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ජනවාරි මාසයේ දී 7.9 % ක් ලෙස වාර්තා විය.