Spread the love

උතුරු මැද පළාතේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (Provincial Health Training Center- PHTC) හි නිල ‌වෙබ් අඩවිය දියත් කිරීම පසුගියදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතින් සිදු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ මහජන සෞඛ්‍ය කාර්ය සාධන ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා (Regional Level Public Health Performance Review of Anuradapura Districtඋතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, එහිදී මෙම නිල වෙබ් අඩවිය විවෘත කිරිම සිදු විය.

මෙම PHTC ආයතනය යනු සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ ධාරිතා වර්ධනය සඳහා අධ්‍යාපනය, පුහුණුව සහ පර්යේෂණ සේවා සැපයීමේ වගකීම දරනු ලබන උතුරු මැද පළාත් සභාවේ පිළිගත් පුහුණු මධ්‍යස්ථානයයි.