Spread the love


නිමල් රාජපක්ෂ-

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර වව්නියා අතර මේ වනවිට සියයට අනුවක් පමණ වැඩ අවසන් වී ඇති බැවින් මසක් වැනි කෙටි කාලයක් ඇතුළත කොළඹ සිට යාපනයට දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.කේ. ඉදිපොලගේ මහතා පවසයි.
මහව හා අනුරාධපුරය කොටස වසා දැමීම සම්බන්ධයෙන් තාම තීරණයක් ගෙන නැහැ .ඒ අනුව දුම්රිය මාර්ගය වැසිීම සම්බන්ධයෙන් දුම්රිය මාර්ගය ජනවාරි දක්වා විවෘත කිරීමට තමයි වාර්තා වී තිබෙන්නේ .බොහෝ විට ජනවාරි දක්වා ධාවනය කිරීම ට නියමිතය. මාර්ගය වසා දැමීමත් සමගින් විශාල අදායමක් දුම්රිය දෙපාර්තුමේන්තුවට අහිමි වී තිබෙනවා. දුම්රිය මාර්ගයේ කටයුුතු නිම කිරීමත් සමගින් කොළඹ සිට යාපනයට පැය පහක් වැනි කාලයකින් ගමන් කිරීමේ හැකියාව උදාවනු නොඅනුමානයි.

වීඩියෝව නරඹන්න subscribe කරන්න