Spread the love


නිමල් රාජපක්ෂ –

උතුරු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තුක් හේතුවෙන් හෙට(07) සිට මහව අනුරාධපුරය අතර දුම්රිය ධාවනය සිදු නොකෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ ඉදිපොල ගේ මහතා පවසයි.

නමුත් කොළඹ කොටුවේ සිට යාපනය කන්කසන්තුරේ බලා ගමන් ගන්නා මගීන්ගේ ගමන් පහසුව සදහා කොටුව දුම්රිය ස්ථානයේ සිට මහව දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කෙරේ.


දුම්රියක් මහව දුම්රිය ස්ථානයට එන වේලාවට දුම්රිය මගීන්ගේ ගමන් පහසුව සදහා අනුරාධපුරය දක්වා ගමන් කිරීමට ලංගම බස්රථ දහයක් මහව දුම්රිය ස්ථානයේ සිට ධාවනයට එක්කොට තිබේ. නමුත් මහව දුම්රිය ස්ථානයෙන් සිට අනුරාධපුරය දක්වා ලංගම බස්රථ වලින් ගමන් කිරීමේදී ඒ සදහා වෙනමමම ප්‍රවේශපත්‍ර ලබා ගත යුතුවෙයි. ගාස්තුවල ගැටලු හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහව දුම්රිය ස්ථානයට පමණක් බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ ඉදිපොල ගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.

කොළඹ සිට යාපනය ට හා කන්කසන්තුරේ දක්වා ප්‍රවේශපත්‍ර අදාල කාලසීමාව තුළ නිකුත් නොකෙරේ. යාපනය යන ඕනෑම අයෙකුට මහව දුම්රිය ස්ථානය දක්වා ප්‍රවේශපත්‍ර ලබාගෙන ගොස් එතැන් සිට අනුරාධපුරය දක්වා ලංගම බස්රථවලින් මුදල් ගෙවා ගමන් කල හැකිවෙි. මගී ගමනා ගමන පහසුව සදහා පමණක් දුම්රියයන් එන වේලාවට ලංගම බස්රථ ධාවනයට එක්කොට තිබේ.

අනුරාධපුරයට ගිය විට එනැන් පටන් යාපනය කන්කසන්තුරේ බලා දුම්රිය යෙන් ගමන් කල හැකිවෙයි. යාපනයේ සිට කොළඹට එන මගීන් සදහාද මේ අයුරින්ම අනුරාධපුරයේ සිට මහව දක්වා ලංගම බස්රථ ධාවනයට එක් කොට තිබේ. නමුත් බස්රථවල ගමන් කිරිමේදී තමන් ඒ සදහා ප්‍රවේශපත්‍ර ලබා ගතයුතු බව අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු බවද ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.