නිමල් රාජපක්ෂ-
උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවේන් හෙට (05) සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුරය දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
ඒ අනුව කොටුව සිට කන්කසන්තුරේ බලා ධාවනය වන සියලුම දුම්රිය යන් අනුරාධපුරය දුම්රිය ස්ථානයට පමණක් සීමා කෙරේ
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91 කට අධික මුදලක් වියදම් කරමින් මහව සිට ඕමන්තය අතර දුම්රිය මාර්ගය නවීකරණය සදහා කටයුතු කරමින් සිටි. එහි මුලික අදියරේ කටයුතු සදහා අනුරාධපුර සිට වවුනියාව අතර දුම්රිය ධාවනය හෙට(05) සිට නැවැත්වීමට තීරණය කර ඇත.
මේ වන විට අත්‍යාවශය සේවයක් ලෙස දුම්රිය මගී ජනයා වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති කාලපරිච්ඡේදය තුළ මෙසේ විශාල වශයෙන් ජනතාව මෙම මාර්ගය භාවිතා කරනු ලබයි. දිනකට කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගමන් වාර 04 ක් ක්‍රියාත්මක වූ අතර එම සියලුම දුම්රිය මගී ජනතාවගෙන් පිරී පවතින දුම්රියයන් ය.
ප්‍රයෝගික දැනුමක් ඇති සාමාන්‍ය අයකු වුවද පවතින දුම්රිය මාර්ගය ගලවා නවීකරණය කිරීම වෙනුවට ද්විත්ව මාර්ගයක් ඉදිකර කාලය අවම කර දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය බව තේරුම් ගන්නා නමුදු මෙතරම් මුදලක් වියදම් කර තනි මාර්ගයක් ඉදි කිරීමට ගිවිසුම් සකස් කර ඇත. එලෙස ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කරන්නේ නම් හදිසියේ දුම්රියක් කුමන හෝ කරුණක් පදනම් කර ගනිමින් පිලී පැනීමකට ලක්වන්නේ නම් අනෙකුත් මාර්ගය භාවිතා කොට දුම්රිය ගමනාගමන සිදු කිරීමට හැකි වන බැවිනි. මෙසේ කටයුතු කර ඉදිරියේදී නැවත දිවිත්ව මාර්ගයක අවශ්‍යතාවය මෙම ගිවිසුම් සකස් කළ අය ම යෝජනා කරනු ඇත.එබැවින් මෙවැනි ජාතික ව්‍යපෘති හරහා සිදුවන රාජ්‍ය මුදල් අවභාවිතය සදහා අප විරුද්ධ වන්නේ දුම්රියක් කිසිදා දැක නොමැති මෙරට ජනයාගේ මුදල් පවා මෙම දුෂිත ගනුදෙනු සදහා වැයවන බැවිනි.
මේ පිලිබදව අපගේ විරෝධතා දිගින් දිගටම පාලනාධිකාරිය වෙත මෙන්න ජනාධිපතිතුමා වෙත ද ලිඛිතව දැනුවත් කොට ඇතත් ඒ පිලිබදව නිසි අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකී.
දුම්රිය මාර්ග නවීකරණය කිරීමේදී මෙයට පෙර මුහුදුබඩ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ දී ද මේ ආකාරයෙන්ම පවතී මාර්ගය ගලවා නවීකරණය කර පසුව කොටසින් කොටස ද්විත්ව මාර්ගයක් ලෙස ඉදි කිරීමට කටයුතු කරයි. මෙහිදී ද මෙරට පවතින අවශ්‍යතා හදුනා නොගෙන කටයුතු කිරීම නිසා මෙම මුදල් හානිය සිදුවූ බව පෙන්වා දෙන අතර අලුතින් ආරම්භ කර උතුරු මාර්ග නවීකරණය ද මේ ආකාරයෙන්ම සුදු අලියකු බවට පත්වන බව වගකීමෙන් පෙන්වා දෙමු.
එබැවින් අප නැවත ඉල්ලා සිටින්නේ මෙම ව්‍යපෘති ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මග තීරණය සදහා අතිශය වැදගත් ව්‍යපෘති බැවින් මේ ආකාරයෙන් විනාශ නොකර රටට වැඩදායි ලෙස ආර්ථික ලාභ සහිත ව්‍යපෘති බවට පත් කිරීමට කටයුතු කරන්නැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.