Spread the love

උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඒ අනුව එම ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ආහාරවල ස්වභාවය, පැහැය, ගන්ධය මෙන්ම ඇසුරුම් කළ ආහාරවල ලේබලයේ සඳහන් කරුණු පරික්‍ෂා කරන ලෙසයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

නීති කඩකර ආහාර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එලෙස නීති උල්ලංඝණය කරමින් ආහාර අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.