Spread the love


නිමල් රාජපක්ෂ-

උඩරට දුම්රිය මාර්ගයේ නාය යෑම් හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

මන්ද අද සවස් වනවිට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අඹේවෙල හා පට්ටිපොළ දුම්රිය ස්ථාන අතරත් නායයාමකට ලක්වි තිබේ.

මේ වන විට මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ , ස්ථාන කිහිපයක් කඳු නායායෑම් නිසා අවස්ථා ගණනාවකදී දුම්රිය මාර්ගය අවහිර විය.

විටින්විට තැනින් තැන නායයාම් හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක අවලංගු කිරීමට සිදුවු බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.