Spread the love

නිමල් රාජපක්ෂ

අයහපත් කාලගුණිත තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමේන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබේ.
වටවල දුම්රිය ස්ථානය හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද දහවල්කඩාවැටී තිබෙි.

මේ හේතුව නිසා මේ වනවිට දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබේ. නමුත් මේ වනවිටත් මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරින් එම ස්ථානායට ගොස් තිබෙන අතර හැකි ඉක්මනින් ගස කපා ඉහත් කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන ඉදිපොලගේ මහතා පැවසුවේය.

රාත්‍රී තැපැල් දුම්රිය ධාවනයට කිසිදු බාධාවන් සිදු නොවන බවත් තව සුළු වේලාවක් යනවිට ගස කපා ඉවත් කොට උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවන බවත් ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.