Spread the love

හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තව පවසයි.
කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දැක්වා පැමිණ නතර කර ඇති බවය.

දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන් උඩරට මැණිකේ දුම්රිය සහ පොඩි මැණිකේ දුම්රිය අද දිනයේ ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බවය.

මේ වන විට පස්කන්ද නායයෑමෙන් අවහිර වූ දුම්රිය මාර්ගයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.