Spread the love


නිමල් රාජපක්ෂ-
මගීන් ඊ ටිකට් වංචාව දිගින් දිගටම සිදු කරන බැවින් ප්‍රවේශපත්‍ර පරික්ෂාකිරිමේදී දැඩි අපහසුතාවයන්ට පත්වන බව සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු පවසයි.
කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ අද (13) පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැයතුනක කාලයක් ප්‍රවේශපත්‍ර පරික්ෂාකිරිමේද දුම්රියේ හොරට ගමන් කල මගින් 50 දෙනෙකු කොටුකර ගත් බව සංචාරක ප්‍රවේශපත්‍ර පරික්ෂක
සුගත් රෝහිත මහතා පවසයි.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාර්යාල බලා ගමන්ගන්නා කාන්තාවන් 10 දෙනෙකුද කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව කොටු කර ගැනීමට සංචාරක ප්‍රවේශපත්‍ර පරික්ෂකවරු සමත්වී ඇත.

කුරුණෑගල ,පොල්ගහවෙල, කළුතර ,අලුත්ගම යන ප්‍රදේශවල සිට මගීන් කිසිදු ප්‍රවේශපත්‍රයක් නොගෙන ගමන් කොට කොළඹට ආසන්න වනවිට බම්බලපිටිය කොටුව හා කොටුව කොල්ලුපිටය යනුවෙන් ඊ ටිකට් ලබා ගැනීම නිසා සංචාරක ප්‍රවේශපත්‍ර පරිීක්ෂකවරු දැඩි අපහසුතාවයන්ට පත්වන බවද පැවසුවේය.

මෙම ඊ ටිකට් පරික්ෂා කිරීමට ලබාදී ඇති උපකරණවල ස්කෑන් යන්ත්‍ර නිසියාකාර ක්‍රියා නොකිරීම නිසා ඹවුන් ලබා ගත් ප්‍රවේශපත්‍ර පරික්ෂාකිරිමේදි දැඩි අපහසුතාවයට පත්වන බවද සුගත් රෝහිත මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් මගීන් 25 දෙනෙකුගෙන් රුපියල් 76000 / දඩ මුදලක් අයකර ගත් අතර ඉතිරි මගීන් ඇපකර තබා ගොස් ඇතැයිද පැවසුවේය.

සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක සුගත් රෝහිත මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.