ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 562 ක් පමණ තුවාල ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මියගිය පිරිස අතර ළමුන් 130 ක් පමණ සිටින බවත් කාන්තාවන්ද වැඩි පිරිසක් සිටින බවයි වාර්තා වෙන්නේ.
සටන් විරාම ගිවිසුම කඩ කරමින් ඊශ්‍රායලය හමාස් ඉලක්ක වෙත දරුණු ප්‍රහාරයක් අද එල්ල කර තිබූ අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම මත මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

