Spread the love

ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ඉරානය විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්න ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ.

මේ අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ද ඝෝෂාකාරී පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කළ බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කර සිටියේ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවරට බටහිර ප්‍රදේශයෙන් මෙම පිපිරීම් හඬ ඇසී තිබෙන බවත්, විශේෂයෙන් ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත් සඳහන්

කෙසේ නමුත් ප්‍රහාරවල ප්‍රමාණය සහ ඉලක්ක පිළිබඳව ඊශ්‍රායලය තවමත් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.