ඉන්ධන බෙදුම්කරුවන් හා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව එහිදී ඉන්ධන බෙදුම්කරුවන් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
තෙල් ඇනවුම් කිරීම් සාමාන්‍ය පරිදි සිදු කරන බවයි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක වැඩිදුරටත් සඳහන් කළේ.