Spread the love

පිරවුම්හල් ඉදිරිපිට මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන්නේ නම්, එම පිරවුම්හල් වෙත ඉන්ධන ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉන්ධන පෝළිම නිසා හෝ ඉන්ධන නොමැති නිසා පාරවල් අවහිර කරමින් හෝ පිරවුම්හල්වල සේවය කරන පිරිසට පීඩාවට පත්වන ආකාරයෙන් කටයුතු කළහොත් දැනට කරගෙන යනු ලබන ක්‍රියාවලින් සියල්ල කඩා වැටෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉදිරි දින 10 තුළ තවත් ඩීසල් නෞකාවක් සහ පෙට්‍රල් නෞකාවක් පැමිණෙන බවත්, ඉන්පසු හිඟයකින් තොරව අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.