Spread the love

ඉන්දියාවේ නාගපට්ටන හා යාපනයේ කන්කසන්තුරේ අතර යාත්‍රා කෙරෙන ” චෙරියපානී ” නැව් සේවාව අද (21) සිට අයහපත් කාලගුණික තත්ත්වය මත නවතා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කොට ඇත.
ඒ අනුව මෙම නැව් සේවාව මේ වසරේ ක්‍රියාත්මක වුනේ ඊයේ (20) දා පමණක් වන අතර එම ගමන් වාරයට ඉන්දියාවේ සිට යාපනයට මගීන් 105 ක් හා කනකසන්තුරේ සිට ඉන්දියාවට මගීන් 78 ක් එහා මෙහා යාමට නියමිතය.

අයහපත් කාලගුණික තත්ත්වය හා මෝසම් වර්ෂාව ආරම්භ වන නිසා චෙරියපානී නැව් සේවය යළි ජනවාරී මාසයේ මැද භාගයේදී ක්‍රියාත්මක කරවීමට නියමිතය.