Spread the love

යාපනය ඩෙල්ෆ් දූපත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක් සමගින් ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුහුදු සීමාවේ සෝදිසි මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්ෂණය වී මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති.

ඉන්දීය ධීවරයින් හා ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන කන්කසන්තුරෙයි ධීවර වරාය වෙතට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

අනතුරුව අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 23 දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මයිලිඩ්ඩි ධීවර පරික්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.