Spread the love

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230 ක් රැස් කළේය.

නේපාල ඉනිමට මෙන්ම ඉන්දීය ඉනිමට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඉන්දියාවට පන්දුවාර 23 කදී හිමි වූ ඉලක්කය ලකුණු 145 ක්.

ඒ අනුව ඉන්දියාව පන්දුවාර 20.1 කදී කිසිඳු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමටද ඉන්දීය කණ්ඩායම සමත් විය.