Spread the love

ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් අත්පත්කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව Press Trust of India නම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Lithium-ion සහ අනෙකුත් බැටරිවල ඇනෝඩ සඳහා බහුලව භාවිතා කිරීම හේතුවෙන් මිනිරන්වල ඉල්ලුම ඉහළ යමින් පවතින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ මූලි​ක සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග පැවසූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්​තේ.