Spread the love

ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්ටාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ දුරකථන ඇමතුමක් හේතුවෙන් එම යානය විශේෂ පරික්ෂාවට ලක් කර ඇත.

ඒ අනුව අද සවස 3:15ට කටුනායකට පැමිණිමට නියමිතව තිබූ එම ගුවන්යානයේ බෝම්බයක් ඇති බවට එය ගොඩබෑමට පෙර දුරකථන පණිවුඩයක් ලැබී තිබුණු බවයි ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම සඳහන් කළේ.

එම ගුවන්යානය 2.55ට පමණ ගොඩබස්වා ඇති අතර අනතුරුව එහි සිටි සියලුදෙනා ආරක්ෂා සහිතව ගුවන්යානයෙන් ඉවත්කර අවශ්‍ය ආරක්ෂක පියවර ගත් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ