නාගොඩ සුමන
ඉන්දියාවෙන් ඇනවුම් කල ලුණු මෙට්‍රික්ටොන් 4500ක් අද (27) දිනයේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
එය මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගයයි.
ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර හිමිව තිබේ.
ඒ අනුව ලබන 31 වැනිදාට පෙර ලුණු මෙට්‍රික්ටොන් 12500ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
පසුගිය වර්ෂා සමයේදී මෙරට ලුණු ලේවායන් හී අස්වැන්නට සිදුවූ බලපෑම සැලකිල්ලට ගෙන ලුණු ආනයනය කිරීමට පියවර ගත් බව වැඩිදුරටත් පැවසුවාය.