Spread the love

ඉන්දියාවෙන් ආනයනය කල මෙට්‍රික්ටොන් 1485 පළමු ලුණු තොගය අද (28) බෙදා හැරීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
රේගු නිෂ්කාශන කටයුතු අද සිදුවනු ඇතිබව එහිදී පැවසීය.
ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර හිමිව තිබේ.
ඒ අනුව ලබන 31 වැනිදාට පෙර ලුණු මෙට්‍රික්ටොන් 12500ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
පසුගිය වර්ෂා සමයේදී මෙරට ලුණු ලේවායන් හී අස්වැන්නට සිදුවූ බලපෑම සැලකිල්ලට ගෙන ලුණු ආනයනය කිරීමට පියවර ගත් බව වැඩිදුරටත් පැවසුවාය.