Spread the love

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය ඇතුළත යම් ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.

එම ගිවිසුම්වල තොරතුරු දින තුනක කාලයක් ඇතුළත කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවද ඔහු පැවසුවේය.

දෙරට අතර අත්සන් කරන එම ගිවිසුම් වල සියළු තොරතුරු නිශ්චිත වශයෙන්ම එලියට දමන බවද ඔහු පැවසුවේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ගිවිසුම් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මේ බව කීය.