Spread the love

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙ‌යි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 230 ක් ලබා ගැනීමට සමත් විිය

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 56 ක් හා දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Axar Patel කඩුලු 2 ක් හා Mohammed Siraj, Arshdeep Singh, Shivam Dube, Kuldeep Yadav හා Washington Sundar එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුහ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 231 ක්.