Spread the love

ජුනි මාසයෙන් පසුව ඉන්ධන ආනයනය සදහා රාජත්‍රාංත්‍රික සබදතා උපයෝගී කර ගැනීමට සිදුවනු ඇතිබව ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඉන්දීය ණය සහන වැඩපිළිවෙළ යටතේ ඉන්ධන ආනයනය සදහා තවත් ඩොලර් මිලියන 200ක් ලැබී තිබේ.මේ අතර (04) ඊයේ දිනයේ මෙරටට පැමිණි පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 40000 රැගත් නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම

මේවන විට ආරම්භ කර ඇතිබව සභාපතිවරයා පැවසීය.එම පෙට්‍රල් තොග ගොඩ බෑමෙන් පසුව බාධාවකින් තොරව අඛණ්ඩව බෙදා හැරීමට කටයුතු කරන බව පැවසීය.

තවත් ඉන්ධන තොග ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.ඒ අනුව ඉන්දියානු ණය පහසුකම යටතේ මේවන විට මෙරටට ඉන්ධන මෙට්ට්‍රික්ටොන් 440000 ක් ලබාදී තිබේ.

ඉන්දියාව මේවන විට ඉන්ධන ආනයනය සදහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ණය සහනයක් ලබාදී තිබේ.ඉන් මේ වනවිට ඩොලර් මිලියන 400 ඉන්ධන තොග මෙරටට ලැබී තිබේ.

ලබන ජුනි මාසය දක්වා ඉන්ධන ආනයනය කිරීම සදහා  ඉන්දියාණු ණය සහනය යටතේ තවත් ඩොලර් මිලියන 500ක් ඉල්ලා ඇතිබව මුදල් අමාත්‍යංශය සදහන් කරයි