Spread the love

යම් වරදක් සිදුකළ පසු අමාත්‍යංශය වෙනස් වූ පමණින් නීත්‍යානුකූල ගැලවීමක් ලැබෙන්නේ නැති බවට සියලුම දේශපාලනඥයන්ට ​අද පණිවිඩයක් ලැබෙන බව වෛද්‍ය චමල් සංජීව පවසයි.

මෙවැන්නක් ලංකා ඉතිහාසයේ සිදුවන්නේ ප්‍රථම වරට බවත්, 76 වන නිදහස් දිනය හෙට උදා වන්නේ ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට අලුත් කීයවීමක් එකතු කරමින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳ අදහස් දක්වමින්, වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මේ බව පැවසුවේය.