Spread the love

සිය රටට එරෙහිව සිදුවෙන කටයුතු සඳහා ඇෆ්ගනිස්තානයේ භූමිය භාවිත වෙමින් ඇති බව පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරයි.

විදෙස් මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පවසා ඇත.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාකිස්තානයට එරෙහිව ක්‍රියාත්මකවීම සඳහා කිසිදු පාර්ශ්වයකට සිය භුමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බවට ඇෆ්ගනිස්තානය විසින් පාකිස්තානයට ප්‍රතිඥාවක් ද ලබාදී ඇති බවය.

දේශසීමා උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලදී පාකිස්තානය නිරන්තරයෙන් ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බවද පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.

පාකිස්තානයෙන් වාර්තා වන ත්‍රස්ත ක්‍රියාවලින් සියයට 58 ක් පමණම වාර්තා වන්නේ ඇෆ්ගනිස්තානයට මායිම් වන පළාත්වලින් බවද ඔහු පෙන්වා දෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.