Spread the love

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්

ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රි සේවා ලෙස ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය මගින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

null

මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි බස් රථ 438 ක් යෙදවීමටයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.

මීට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල වැනි ප්‍රදේශවල සිට තවත් අතිරේක බස් රථ 100ක් යෙදවීමට ද සැලසුම් කර තිබෙන බව වාර්තාවෙයි.