Spread the love


නිමල් රාජපක්ෂ-

ඓතිහාසික සබරගමුව සමන් දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් අද (28) දහවල් 2.00 සිට අගෝස්තු මස 2 දින දවල් 2.00 දක්වා අදාල ප්‍රදේශයේ කිලෝමීටර් 5 ක දුරක් ප්‍රමාණයක තිබෙන සියළුම සුරාසල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්රයා නියෝග කොට ඇත.
අදාල ප්‍රදේශය මතින් තොර කලාපයක් බවට පත් කිරීමට පියවර ගැණේ. සබරගමුව පලාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇතිබව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.

මහ සමන් දේවාල පුදබිම තුළ සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු මෙහෙයුම් මැදිරියේ 1913 දුරකථනය මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇත.
ඵෙතිහාසික සබරගමුව මහ සමන් දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජාභූමිය තුළට ගෙන ඒම සපුරා තහනම් වන අතර පූජාභූමිය එම කාලසීමාව තුළ මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගැණීම සදහා සහායවන ලෙස මෙම ඇසල උත්සවය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරණ සියලු ජනතාවගෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායම් මත්පැන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නේද තරා තිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන අතර තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍ය භාවය රකින බවද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.