Spread the love

ඉදිරි මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද දායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට තීරණය කර බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයාගේ වම් අතෙහි සුළැඟිල්ල පාට කිරීම සිදුවිය.

මේ අතර අද (26) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපටඟිල්ල සලකුණු කිරීමට නියමිතයි.

ඇඟිල්ල සලකුණු කිරීමේදී ඇතිවිය හැකි ගැටලු තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා ඇතිබව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.