Spread the love

රත්නපුර ප්‍රදේශයේ 2024.03.30 දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු, ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබිණ.

එම ප්‍රකාශය ලබා දීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ රණවක මහතා;

“අද දිනයේ රහස් පොලිසියේ පරිගණක අංශයෙන් මට ලියුමක් ලැබුණා 24 වෙනිදා. නමුත් 24 වෙනිදා පාර්ලිමේන්තුව අවසන් වුණා. අපි දැනුම් දුන්නා අපිට මේ රත්නපුර ප්‍රදේශයේ මා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ඒ ප්‍රකාශය මොකක්ද? ඒකෙන් සිද්ධ වෙච්ච අපරාධමය වරද මොකක්ද කියන එක අපට දැනුම් දෙන්න කියලා. ඒක අදටත් අපට දැනුම් දීලා නෑ. ඉතින් අපි හිතනවා ඒ රත්නපුර ප්‍රදේශයේ දි මම කිව්වා. මේ රටේ බදු වංචාකාරයෝ ගැන. මේ රටේ බදු වංචාකාරයෝ කෝටි ලක්ෂයක් බදු වංචා කරලා තියෙනවා. එහෙම තිබියදී තමයි මේ දුගී දුප්පත් මිනිස්සුන්ට සීනි වලට කිරිපිටි වලට, ඩීසල් වලට, පෙට්‍රල් වලට, විදුලි බිලට බදු ගහලා තියෙන්නෙ. ඉතින් සමහරවිට ඒ බදු වංචාකාරයෝ ගැන මගෙන් විමසන්න වෙන්න ඕනේ,

මොකද යුක්ති සහගත නීතිගරුක සමාජයක් වෙනුවෙන් පෙනී සිටින, අපේ පොලිසිය මේක කරනවා ඇත්තේ. ඒ වගේම මම නිතරම ප්‍රකාශ කරපු දෙයක් තමයි, මේ බැංකුවලට, පොලු තියපු අය. මේ ළඟදි වාර්තා වුණා බැංකුවලින් විශේෂයෙන්ම එහි තැන්පත් කරුවන්ගෙන් සියයට හැටක්ම, ඉතාම දුගී දුප්පත් තැන්පත්කරුවෝ රුපියල් වගේ තැන්පත් තමයි තියෙන්නේ කියලා. නමුත් මිලියන ගණන්, බිලියන ගණන් පොලු තියපු අය ඉන්නවා. ඇමතිවරුත් ඉන්නවා. ඒ පොලු තියපු අය අතරේ. ඉතින් සමහර විට ඒ ලැයිස්තුව අපි ඉල්ලලා තිබුණා. ඒ ලැයිස්තුව දීලා නැහැ තාම. පාර්ලිමේන්තුවටවත් කොහෙටවත්. ඒක ගැන මගෙන් විමසන්නද කියන්න බැහැ.