Spread the love

මෙරට පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍යය වන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම සදහා ගිවිසුම් ගත වීම අද දින (07) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු විය .

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ අනුග්‍රහය දක්වන LDS Latter – day saints charities (USA) ආයතනය වෙනුවෙන් Mr. Mickey Lui – Area Welfare and Self-Reliance Director යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තබන ලදී.

මෙම අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයට ඖෂධ වර්ග 13 ක් ඇතුලත් වන අතර මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වේ.

මෙම පිළිකා ඖෂධ තොගයට Abiraterone Acetate -250 mg tablet, Anastrozole 1 mg tablet, Capecitabine 50mg tablet, Carboplatin 450mg/45ml Vial 450mg Injection, Ciplatin 50mg /50ml vial 50mg Injection, Dacarbazine 200mg vial 200mg Injection, Docetaxel 4mgVial 80mg Injection, Docetaxel 80mg/4mg Vial 80mg Injection, Irrinotican 100mg/5ml Vial 80mg Injection ඇතුලු තවත් පෙති වර්ග, එන්නත් වර්ග ඇතුලත් වේ.

දෙවන අදියර යටතේ මෙරටට අවශ්‍යය වන තවත් ඖෂධ වර්ග තොගයක් ඉදිරි මාස කිහිපය තුළදී මෙරටට ලබා දීමට එම ආයතනය සැලසුම් කර ඇත.