Spread the love

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාව මුල් කරගත් ආර්එම් පාර්ක්ස් (RM Parks) සමාගම ෂෙල් සමාගම හා එක්ව මෙරට ඛනිජතෙල් අලෙවිය සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඇමරිකානු ඩොලර් මිලියන 110 ක.ගිවිසුම් ගතවෙයි.

අදාල ගිවිසුම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික චාන්දනී විජේවර්ධන හා මනිලාල් ජයසිංහ යන මහත්ම මහත්මින් අත්සන් කළ අතර ආර්එම් පාර්ක්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති ජේසන් කැලිසන් ( Jason Callison)සහ උප සභාපති ජස්ටින් ඩිවිස් ( Justin Divis)යන මහත්වරුන් අත්සන් කළහ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මියද මේ සදහා එක් විය.

ෂෙල් සමාගම මේ වන විට යුරෝපය, ආසියාව, අප්‍රිකාව, එක්සත් ජනපදය සහ ඇමරිකාව යන රටවල බලශක්ති සහ ඛනිජ රසායනික ද්‍රව්‍ය අලෙවිකරණ හා බෙදාහරින ප්‍රමුඛ සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.

ආර්එම් පාර්ක්ස් සමාගම කැලිෆෝනියාවේ ප්‍රමුඛ පෙළේ ඉන්ධන බෙදාහරින්නා වන අතර ඛනිජ රසායන බෙදා හැරීමේ කර්මාන්තයේ වසර 50කට වැඩි කාලය කීර්තිමත් ඉතිහාසයක් ඇත. නව ගිවිසුමට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ෆ්‍රැන්චයිස් ඉන්ධන පිරවුම්හල් එකසිය පනහක් (150) සහ නව ඉන්ධන පිරවුම්හල් පනහක් (50) ක්‍රියාත්මක කරමින් මෙරට ඛනිජ තෙල් සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපාරයේ නිරත වනු ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ඇතිකර ගන්නා දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව මත පෙට්‍රල්, ඩීසල්, ජෙට් A-1, භූමිතෙල් සහ උදුන් තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සිදු කරයි. තවද ඒ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පුළුල් කිරීම එහි ව්‍යාපාරය අනෙකුත් ඛනිජ තෙල් හෝ ගෑස් නිෂ්පාදන, අතුරු නිෂ්පාදන (ගුවන් ඉන්ධන ඇතුළුව), EV ආරෝපණය කිරීම සහ කාර් සේදීම, අන්තර්ජාල කැෆේ, ATM, අවන්හල් වැනි අගය එකතු කළ සේවාවන් සැපයීම මේ තුලින් සිදු වේ.