Spread the love

රටේ ජනතාව රට Clean කිරීමට කැමති බවත්, Clean කිරීමට අවශ්‍යතාව තිබුණේ හොරු, දූෂිතයින් හා වංචාකරුවන් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

එවැනි පිරිසිදු කිරීමක් සිදුවන ආකාරයක් පෙන්නුම් නොකරන බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඇමතිවරුන් කොට කලිසම් ඇඳගෙන වෙලවල්, ඇළවල්, වැව් පිරිසිදු කරන බවත්, ඒ සඳහා ඇමති කෙනෙක් අවශ්‍ය දැයි ගැටලු සහගත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.