
නවක දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ දී සිදු විය .
රටේ පවතින අර්ථික තත්ත්වය මත රාජ්‍ය සේවකයන් බඳවාගැනීම නතර කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබුණි. නමුත් දුම්රිය ස්ථාන අලුතින් ඉදිවිමත් සමඟ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ අවශ්‍යතාවක් පැවතුණු මෙම දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවාගැනීම සමඟ කොළඹ කොටුව, මරදාන, ගම්පහ,රාගම පානදුර ගාල්ල වැනි දුම්රිය ස්ථානවල පැවති ප්‍රවේශපත් ලබා ගැනීමේ දී ඇති තදබදය අවම කොට මගී ජනතාව වෙත ගැටලුවකින් තොරව ලබා ගැනීමට හැකියාව ඇත.
එම දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවාගැනීම තුල මෙම දුම්රිය අවලංගු වීමට කිසිසේත්ම අදාල නොවන අතර දුම්රිය රියදුරු ,නියාමක , කැබින්මන් ,පයින්ටුකරු හා දුම්රිය කාර්ය සහයක යන තනතුරුවල පවතින හිගය බලපා ඇත.
වසර 03 කට පසුව රාජ්‍ය සේවය වෙත එළඹෙන පළමු කණ්ඩායම වශයෙන් හා 2023 වර්ෂයේ රාජ්‍ය සේවට එක්වන පළමු කණ්ඩායම වශයෙන් වාර්තාවු බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේය.…
නමුත් අද දිනයෙත් දහවල් 12 වන විට අවලංගු වී ඇති කාර්‍යාලීය දුම්රිය ප්‍රමාණය 10 ක් බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.