Spread the love

ජාතික ජන බලවේගයේ මුළු දේශපාලනයම ඇත්ත මත පදනම් වූ දේශපාලනයක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.

සමාජයේ ඇත්ත සහ බොරුව කියා දෙකක් ඇති බවද, තම පක්ෂය ඇත්ත මත පදනම් වුවද, වත්මන් පාලකයින්ගේ මුළු දේශපාලනයම බොරුව මත පදනම් වූ දේශපාලනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔවුන් ජනතාවට ඇත්තටම ආදරය කරනවා නම්, ජනතාවට විදින බෙහෙතට වස දැමීමටත්, ජනතාව බොන තේකට එක්කරන සීනිවලට අය කරන බද්දෙන් සොරකම් කිරීමටත්, මුළු රටේම වාහන පර්මිට් නතර කර තිබියදී පර්මිට් ගැනීමට ලියුම් අත්සන් කිිිිිරීමටත් ඔවුන්ට හැකි දැයි ඔහු ප්‍රශ්න කරයි.

තම පක්ෂයේ සියලු දෙනා සැබැවින්ම මෙරට ජනතාවට හොඳ ජීවිතයක් සහ යහපත් රාජ්‍යයක් අපේක්ෂා කරන අය බවත්, මෙම ඇත්ත සහ බොරුව අතර වෙනස ජනතාවට හෙළිදරව් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.