Spread the love

මුල්කිරිගල ගුණරත්න

සූරියවැව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 29 දෙනෙකු (19) රාත්‍රියට ගත් ආහාරය විෂ වීමෙන් සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි .
රාත්‍රි ආහාරයෙන් පසු ඇතිවූ හිසරදය ,කලාන්තය වැනි රෝග ලක්ෂණ හේතුවෙන් සිසුන් රෝහල් ගතකර තිබේ.

රාත්‍රි ආහාරයට ගත් බැදපු මාලු වර්ගයක් සිසුන්ට විෂ වන්නට ඇතැයිද සැකකරන බවද සූරියවැව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය .
සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය .