Spread the love


නිමල් රාජපක්ෂ-

37 වන ආසියා පැසිපික් කළාපීය සමුළුවේ අවසන් දිනය අද බැවින් රටවල් හතක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.දැනට මෙරටට පැමිණ සිටින කෘෂිකර්ම අමාත්‍යවරු විශාල පිරිසක් හෙට දින (22) බටඅත කෘෂිකාර්මික උද්‍යානය නැරඹීමට යාමට නියමිත බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුවට සහභාගි වීමට පැමිණ සිටින කෘෂිකර්ම අමාත්‍යවරුන් හා ඉහළ නිලධාරින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතය. ඊයේ පස්වරුවේ මෙම සමුළුවට සහභාගි ව සිටින ජපානයේ කෘෂිකර්ම අමාත්‍ය Norikasu Suzuki මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විනි
.එහිදී මෙරට කෘෂිකර්මාන්තයේ නවීකරණය සම්බන්ධව ආසියා පැසිපික් කලාපීය රටවල් සමග තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙළක් ඇරඹීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20) යෝජනා කළේය

ඊට පිළියමක් වශයෙන් ජපාන කෘෂි තාක්ෂණික හුවමාරු වැඩ සටහනක් ආරම්භ කිරීමට ද අවධානය යොමු විය.

අප රටේ වගා කරන අඹ, අන්නාසි වැනි පලතුරු ජපානයට අපනයනය කිරීම සඳහා දැනට පවතින බාධා සම්බන්ධවත්, කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම, පශු සම්පත් සංවර්ධනය සඳහා ජපානය භාවිතා කරන නව තාක්ෂණික උපක්‍රම මෙරට ගොවීන්ට ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා කළේය.

එමෙන්ම මෙරට සුපිරි හෝටල්වල සංචාරකයින් සඳහා යොදා ගන්නා ජපානයේ ඉටි හාල් Sticky Rice ආනයනය සඳහා දැනට පවතින ආනයන සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

මේ අතර පිලිපීනයේ කෘෂිකර්ම ලේකම් Francisco Tiu Laurel Jr මහතා ඇතුළු නිලධාරින් කන්ඩායමක් සමග ද අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය. විශේෂයෙන් පිලිපීනයේ සහල් පර්යේෂණ කටයුතු ඉතා සාර්ථක බැවින් එම පර්යේෂණ විධික්‍රම හුවමාරු වැඩ පිළිවෙළක් සම්බන්ධව ද මෙහිදී අදහස් හුවමාරු කර ගනු ලැබීය.