අලුත් අවුරුදු සමයේ මගීන් සඳහා ආසන වෙන් කිරීම ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
වැඩි මගීන් සංඛ්‍යාවක් බස් රථ මගින් සිය අවශ්‍යතා සපුරා ගැනීම හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊට අමතරව මගී සේවා අවසර පත්‍රයේ සඳහන් මාර්ගයේ, බස් රථය අඛණ්ඩව ධාවනය කරලීම අනිවාර්ය බවද, රියදුරුගේ සේවා කාලය පැය 14 ඉක්මවන සෑම අවස්ථාවකම වෙනත් රියදුරෙකු ආදේශ කළ යුතු බවද එම කොමිෂන් සභාව පවසනවා.
අවුරුදු කාලසීමාවේදී මගී ප්‍රවාහන බස් රථ විශේෂ චාරිකා සඳහා යෙදවීම ද තහනම් වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.